මා වැනි ගොඩන්දා
ලෑල්ලටම කැන්දා
දුක් සැප කුමන්දා
අසන නිරිඳුන් වෙන කොයි රටෙන්දා

ලාබයි ලාබයි ගන්න පුතේ ලාබයි


අනේ වාසනාවන් මත්තිරියෝ, ගව්වක් ගව්වක් ගානේ අවුරුද්දට උතුමෝ ලෑල්ල උඩ මොකද්ද ලාබේට විකුකොරන්න තියේ නොවැ. ලාබ නිසා මාත් ගොඩ වැදුනා උන්දෑගේ ලෑල්ලට මොකද්ද කියලා බලන්ඩ බැලිනම් ගිය වාරේත් ආපු ආමි ගොයියෝ නොවැ, උතුමා මෙන්න කෑ කොරන්න පටන් ගත්ති. ඒ ගොයියෝ නෙලා ගත්තේ උතුමාගේ ලොකු උන්දෑලු. උන්දැගේ අස්වැන්නේන් ආමි ගොයියෝ නෙලා ගත්තලු, උන්දෑට පොහොර දෙන්ඩ ආමි ගොයියො විකුණොනවලු. අල්ලපු ලෑල්ලේ මෙතුමා කියාපි මෙතුමාගේ සුද්දපාලන ගන්ඩලු උතුමාගේ උන්දෑගේ අමුඩ ගොලවන්ඩ. අනේ ඔන් උතුමා ගැව්වේ නැතැ මෙතුමාට කුණු වෙච්චි ගොයියෙක්, ඒ අස්සේ උතුමාගේ වට්ටිය පෙරලාපි! අනේ අපොයි කිව්ව උතුමා සාමතුමොට බැන බැන ගොයියො ටික එකතු කොර වට්ටියට දාපි. ඔහොම බැන ගන්න අතරේ මන් ලිස්සිලා ගොහු උතුමාගේ කුඩුසොමේගේ දොට්ටේ ගතමනාවක් දිලා පල්දෙපැය බැලුවේ නැතැ, උතුමාගේ කයිය වගේම සිරියාවයි ඒ මායියෝ!

අපොයි කන්ඩ බැරි වුනා පල්දෙපැයට පින්සිද්ද වෙන්න, 
එක මොකෙටයි මයේ පස්ස පිරිලානේ, එහෙනම් මන් දොයි ගත්තා. සුබ රත්තිරියක්.

ගොඩයා



උතුමාගමනය

පොඩි උන්ට අද හරි වැඩ
උතුමෙකු වඩිනවා
දුක සැප කිමැයි ඇසුමට

ඉතින් කියාපල්ලාකෝ
උතුමාට දැන් දුක සැප

වල් තියේ කැපුමට
කුණු තියේ දැවුමට
බෙර තියේ වැයුමට
ඔලු තියේ නැමුමට
තොරණ ඇත බඳින්නට
කොටන් ඇත අදිනට
ගුරුන් ඇත රැවුමට
බෝ රැඟුම් වේ රැඟුමට

දැනේවිද බිළිඳුන්ට
දුක සැප අසන්නට
මේ අරුම නිරිඳා
මෙතෙක් නා එක හොඳ වග

ඉඳල් කොසු අරගෙන
එපා ඔය හැටි වෙහෙසෙන්න
මේ බිම පුරා උතුමන් හැලු
වසුරු කඳු වල හැටියට
මොනවාද ඔය කුණු දුවිලි
කාට නම් පේන්නද
ලස්සන කරන්නේ ඔතරම්
අනේ දුප්පත් පාසල
බබෙක් නෑ එන්නේ රවටන්ට
රටේ හැම කැත ගැන
උතුමා දන්නවා හොඳටම
බබෙක් වගේ උන්නාට

නලා බෙර එල්ලා
පුරුදු කරවති ළමයින්
උතුමා සමඟ රැඟුමට
අමාරු නේද දරුවනේ
කවදාක නටාපු නැටුම්ද
උතුමාට නම් තියෙනවා නාටක
දිනපතා දර්ශන රට වට
ලොව හොඳම නළුවාටත් නැති

මේ එක ලොක්කාට
පොලිස් චුට්ටන් දහසකි
මග දිග පිරී මිනිසුන්ට
ලොකු ගති පෙන්වන

අපිට ගොරවන්නේ
දමව්කෝ නඩුවක්
දැන්වත් උතුමාට එරෙහිව
මේ පට්ට අව්වේ
තව මදිද වේලුනා දවසම

ගුරුන්ටත් හිසරද
මව්පියන්ටත් හරි වැඩ
හු හු හොඳ වැඩේ
මේ තරම් බර උතුමන්
කර තියාගෙන යනවාට

පුංචි උන්ටත්
දැනෙනවා දැන් ඒ මහ බර
අලුත් පාඩමක් නේද මේ
දෙගුරුන්ටවත් හරි හැටි නොතේරන

පාසලේ මහ ගුණ ධර්ම
රක්න්නට ඕනෑ
මේ පුංචි අපි විතරද
අනේ ටීචර් වේවැල අරන්
දෙන්නකෝ දෙක තුනක් උතුමාට

කං කං බුරුවෝ
උන්නට ගල් වී හැම තැන
පුංචි පැටියෙක්වත් ඇති නේද
මේ කියන දේ අහන්නට
එහෙනම් දුවලා දුවලා ගිහින්
අර කළු ලෑල්ලක
ලියාපන් මේ කවිය ලොකුවට

මා වැනි බිලින්දා
වර වර ලඟට කැන්දා
මේ තරම් අන්දා
අරින නිරිදෝ වෙන කොයින්දා

ඉසුරු ප්‍රංසග ගොයියාගේ හෑල්ලක්!ගොඩයාට මිත්තරයෙක් ගහල දැම්ම නොවැ

පාප්පොචරේ

ඔන්න හප්පේ කියලා මාත් කියන්න ගත්තානේ හොද්දක් නෑ නෑ බුලෝගයක්, ඔය ගම්පොලයෝ රයිගමයෝ බික්කුවෝ මකබාස්සු පිස්සු පුසෝ පබ්බතයෝ මකරෝ කුඹියෝ නොදරුවෝ නාගයෝ පිස්සෝ ඔය ඔය ඇත්තෝ ලියන එකේ මාත් ආවා ලෝගයක් අඩවාගෙන. අනේ මාත්තිරියෝ මගේ පොඩි පරහක් තියෙනවා නොවැ, මගේ මේ කට කට වක්කඩ වගේ පලනවා නොවැ. විසේසයෙන් දේසපාලු උත්තමයෝ අපේ ඇත්තෝට සේවා කොරද්දි එහෙම. ගොඩේ මට මොලේත් බකල් මාත්තියෝ මාව කවුරු හරි අනුකම්පා කරලා එකසිය හැට හැත්ත්රේ යවන්න පුලුවන්දෝ? ඔන්න එහෙනම් මම යන්නම් මාත්තියෝ වෙලටත් යන්න එපායැ මත්තියෝ... 

ගොඩයා