මා වැනි ගොඩන්දා
ලෑල්ලටම කැන්දා
දුක් සැප කුමන්දා
අසන නිරිඳුන් වෙන කොයි රටෙන්දා

පාප්පොචරේ

ඔන්න හප්පේ කියලා මාත් කියන්න ගත්තානේ හොද්දක් නෑ නෑ බුලෝගයක්, ඔය ගම්පොලයෝ රයිගමයෝ බික්කුවෝ මකබාස්සු පිස්සු පුසෝ පබ්බතයෝ මකරෝ කුඹියෝ නොදරුවෝ නාගයෝ පිස්සෝ ඔය ඔය ඇත්තෝ ලියන එකේ මාත් ආවා ලෝගයක් අඩවාගෙන. අනේ මාත්තිරියෝ මගේ පොඩි පරහක් තියෙනවා නොවැ, මගේ මේ කට කට වක්කඩ වගේ පලනවා නොවැ. විසේසයෙන් දේසපාලු උත්තමයෝ අපේ ඇත්තෝට සේවා කොරද්දි එහෙම. ගොඩේ මට මොලේත් බකල් මාත්තියෝ මාව කවුරු හරි අනුකම්පා කරලා එකසිය හැට හැත්ත්රේ යවන්න පුලුවන්දෝ? ඔන්න එහෙනම් මම යන්නම් මාත්තියෝ වෙලටත් යන්න එපායැ මත්තියෝ... 

ගොඩයා

8 බුන්ස ගාණක්! අප්පේ...:

said...

එහෙනම් ඕං චියර්ස්ස්ස්ස්ස්...........!!!!!
දිගටම ලියාගෙන යන්න

Narada said...

එළ එළ, ලියපං දිගටම. හැබැයි ගොඩයෝ කුඹුරේ වැඩ පාඩු කරනවා නෙමේ හරිද?

Anonymous said...

ඔව් ඔව් බින්කු කිවුවා වගේම මටත් කියන්න තියෙන්නේ දිගටම ලියහන් කියලයි

Anonymous said...

Keep it up.........Godayo.....

budhajeewa said...

ආයිබෝං !

ඕං දැං එහෙනං බොලොග් අවකාසේ ගොඩ මඩ දෙකම සරු සාරය එල බරය, ඈ !! :-D

budhajeewa said...

ගොඩය උනාට හරි හොඳ එකෙක් වගේ, කියන්න කලිංම image verification අයිං කොරල තියෙන්නේ, හොඳා හොඳා !

malee_msg said...

හරී.. මාත් ආවා ගොඩයගේ බ්ලෝග් එක බලන්න.. මොකෝ අපිත් කියලා ම‍ඩේ ඉන්නවා කියලා යෑ.. අපිත් ගොඩේ තමා..!

Teena said...

well said malee.
පොෂ් තීන්ත නාගෙන හිටියට අපිත් ගොඩේ‍ඩේඩේඩේඩේ තමා.
ඕං එහෙනං ආයු‍බෝ කිව්වා ගොඩයට.

Post a Comment

අනේ කොච්චර දෙයක්ද මට හෑල්ලක් දීලම යන එක...